රජයේ පාසල්වල ගුරුවරු 2500ක හිඟයක්


පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පාසල් ආරම්භ කරන විට ඒ පාසල්වල ගුරුවරු දෙදහස් පන්සියයක පමණ හිඟයක්

.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පාසල් ආරම්භ කරන විට ඒ පාසල්වල ගුරුවරු දෙදහස් පන්සියයක පමණ හිඟයක් තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා තිබේ.එම ගුරුවරුන් වෙනුවට ආදේශක  ගුරුවරුන් සොයා ගැනීම විශාල අභියෝගයක් බව ද තවදුරටත් ඔවුන් පවසා ඇත.

 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ පර්යේෂණයකට අනුව රජයේ ප්‍රාථමික, කනිෂ්ඨ සහ උසස් පාසල් වල මෙන්ම  විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සැකසූ පාසල්වල ද මෙලෙස ගුරුවරුන් 2558 ක හිඟයක් ජපානය  පුරා පාසල් 1897 ක  ඇති බව වාර්තා වී තිබේ.

 

ගුරුවරුන් මත පැටවෙන අධික රාජකාරී කටයුතු හේතුවෙන් තරුණ ප්‍රජාව ගුරු වෘත්තියට පැමිණීමට මැලිකමක් දක්වන බව  අමාත්‍යංශයේ පර්යේෂණය තුළින් තවදුරටත් තහවුරු වී ඇත.

Comments