දුම්රිය පල සේවකයෙකුට පුද්ගලයකු පහරදෙයි


පසුගිය සදුදා දින  Gifu ප්‍රාන්තයේ Ogaki ප්‍රදේශයේදී  දුම්රිය පොල පොළක සේවකයෙකුට  එක්තරා පුද්ගලයෙකු

.

පසුගිය සදුදා දින  Gifu ප්‍රාන්තයේ Ogaki ප්‍රදේශයේදී  දුම්රිය පොල පොළක සේවකයෙකුට  එක්තරා පුද්ගලයෙකු විසින් පිහියකින් පහර දී තුවාල කර ඇත.

 

Ogaki දුම්රිය ස්ථානයේදී පසුගිය සදුදා  දහවල්  12.50ට පමණ  මෙම සිදුවීම සිදුවී ඇති අතර තිස් දෙහැවිරිදි මෙම දුම්රිය සේවකයා  ඔවුන්ගේ සේවක කාමරයට ඇතුළු වීමත් සමග  එහි සැඟ වී සිටි මෙම පුද්ගලයා  එම සේවකයාට පිහියකින් පහරදී තුවාල සිදුකර ඇත. සේවකයන් නිතර සේවක කාමරයට යන එන බැවින් එය ඕනෑම මොහොතක  විවෘත කර ඇති බවත් ඒ අවසරෙන් මෙම පුද්ගලයා මෙතනට පිවිස සිටින්නට ඇති බවත් දුම්රිය ස්ථානාධිපති වරයා පවසා ඇත. 

 

කෙසේ නමුත් මෙම පුද්ගලයා පහරදී  පැනගොස් ඇති අතර  ඔහු  165cm පමණ උස සම්පූර්ණයෙන් කළු ඇඟලුමක් දවටාගෙන මුඛ  ආවරණයක්ද පැළඳ සිට ඇත.

144 Views

Comments