නිවාස සංකීර්ණයක වාසය කළ හතළිස් හැවිරිදි කාන්තාවකට පහරදීමට තැත්කර පසුව ඔහු විසින්ම ඔහුට පිහි ඇනුමක් සිදුකර ගත් 17හැවිරිදි පිරිමි දරුවෙක් පිළිබඳව Osaka ප්රාන්තයේ Takatsuki නම් ප්රදේශයෙන් වාර්තා වේ.
ඔහු එම ප්රදේශයේ පිළිගත් කුරියර් සේවාවක් නියෝජනය කරන නිල ඇඳුමකින් සැරසී මෙම නිවාස සංකීර්ණයට පැමිණ ඇති අතර අදාළ නිවසේ දොර විවෘත කල සැනින් ඇතුලට බලෙන් ඇතුලු වීමට තැත් දරා ඇත.එහිදී ඇතිවූ කලබලයෙන් ඔහු මෙම කාන්තාවට පහර දී ඇති අතර පසුව ඔහු විසින්ම ඔහුට පිහි ඇනුම සිදුකර ගෙන ඇත.
මෙම පිරිමි දරුවා අදාළ කාන්තාවගේ දියණිය සමග එකම පාසලේ ඉගෙනුම ලැබූ පිරිමි දරුවකු බව පසුව අනාවරණය වී තිබේ.කෙසේ නමුත් කාන්තාවගේ දියණිය ගැටුම අතරතුර අසල්වැසියකුගේ උදව් මත මෙය පොලිසියට සැළ කර තිබිණ.
පොලිසිය පැමිණීමෙන් පසු කාන්තාව සහ පිරිමි දරුවා රෝහල් ගත කර ඇති අතර ඔහු රැගෙන ආ පෙට්ටියෙ තිබී ගම්මිරිස් විදිනයක්, විලංගු යුගලයක් හා ලණුවක් හමුවී ඇත.