නිරිතදිග ජපානයේ කියුශු ප්‍රාන්තය අවට, ආබාධිත පුරවැසියන්ගෙන් සමන්විත වූ සංවිධානයක් ඇතුළු, අනෙකුත් පුරවැසි සංවිධාන 16ක් විසින් සකස් කරන ලද ලිඛිත ඉල්ලීමක් පසුගියදා කියුශු ප්‍රාන්ත දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදි.
එමගින් ඔවුන් ඉල්ලා සිටින්නේ, දුම්රිය ස්ථාන 29ක දුම්රිය කාර්ය මණ්ඩලය විරහිතව ඒවා ක්‍රියාත්මක කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ගන්නාලද තීරණය අහෝසි කරන ලෙසයි. පසුගියදා කියුශු ප්‍රාන්ත දුම්රිය දෙපාර්තමේන්තුව සිය බලතල ප්‍රකාරව, දුම්රිය සේවක පිරිස රහිතව දුම්රිය ස්ථාන ක්‍රියාත්මක කරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෙටුම්පත් සකස් කර තිබුණි. කෙසේ වෙතත් මේ වන තාක්, ආබාධිත අයවලුන් හට සහ වැඩිහිටි පුරවැසියන් හට දුම්රියට ඇතුළුවීමේදී සහයෝගය ලබා දී ඇත්තේ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය බවත්, කිසිවෙකුගේ උදව්වක් නොමැතිව දුම්රියට ගොඩවීමට තමන් හට අපහසු බවත් මෙම සිවිල් සංවිධාන රජය වෙත පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්, තාක්ෂණික ක්‍රම භාවිතා කර ආබාධිත පුද්ගලයන් හට දුම්රියට ඇතුළුවීමට ක්‍රමයක් සකස් කරන ලද නමුත්, අත්හදා බැලීම් වලදී එය අසාර්ථක වූ බව පැවසේ. ඒ අනුව ඉතා ඉක්මනින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම් අහෝසි කිරීමට සිදුවනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.