ජපානය තුල සිදුවන කොවිඩ් පරීක්ෂණ හිඟය විසඳාලීම සඳහා ඉදිරියේදී දිනකට පරීක්ෂණ කට්ටල මිලියනයක් නිෂ්පාදනය හෝ ආනයනය කිරීමට ජපන් රජය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කර ඇත.
ජපානයේ පැතිර යන අධික කොරෝනා තත්ත්වය මධ්‍යයේ මෙම පරීක්ෂණ කට්ටල හිඟය ද මතු වී ඇති අතර බොහෝ විට මෙම පරීක්ෂණ කට්ටල වෛද්‍ය ආයතන සහ නිවැසියන් විසින් covid පරීක්ෂණය සිදු කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ වෛද්‍ය ආයතන වලට හා තොග වෙළෙන්දන්ටද ද මෙම පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම සඳහා අවස්ථා ලබාදෙන බවයි. ඒ වෙනුවෙන් දැනටමත් වෛද්‍ය ආයතන වලින් ඉල්ලුම්පත්‍ර බාර ගැනීම ආරම්භ කර ඇත .