Nagano බිහිසුණු බස් අනතුරෙ 6 වන සැමරුම


2016 ජනවාරි 15 වන දින  නගානෝ කරුයිසාවාහිදි සිදු වූ බිහිසුණු රිය අනතුරේ හය වන සැමරුම එම අනතුරට ගොදුරු වූවන්ගේ ඥාතී??

.

2016 ජනවාරි 15 වන දින  නගානෝ කරුයිසාවාහිදි සිදු වූ බිහිසුණු රිය අනතුරේ හය වන සැමරුම එම අනතුරට ගොදුරු වූවන්ගේ ඥාතීන් ගේ සහභාගිත්වයෙන් අද දින සිදු කෙරිණි .මෙම අනතුරෙන් මගීන් දහතුන් දෙනෙක් සහ රියදුරන් රියදුරන් දෙදෙනකුගේ ජීවිත බිලි ගන්නා ලදී .

 

කොරෝනා  වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම සැමරුම සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවුණු අතර එයට මිය ගිය පිරිසගේ ඥාතීන් සමගම අදාල බස්රථය හිමි සමාගමේ නියෝජිතයන් කිහිපදෙනෙකු සභාව රාජ්‍ය නියෝජිතයන් කිහිපදෙනෙකු ද සහභාගීවී තිබුණි. අනතුර සිදුවී තිබුණේ අදාළ බස් රථය ටෝකියෝ සිට ගමන් ගන්නා අතරතුර පාන්දර දෙකට පමණය.

 

අදාල පරීක්ෂණ වලින් පසුව අනතුර සම්බන්ධ සියලූ වගකීම් රියදුරු මත පැවරුණු අතර කඳු සහිත පෙදෙසකදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කරමින් බස් රථයේ වේගය පාලනය කර නොගැනීම හේතුව ලෙස දක්වා තිබුණි.

 

Comments