Tochigi ප්රාන්ත පොලිසිය විසින් නසුකරසුයාමා පොලිස් ස්ථානයේ ප්රාදේශීය කොට්ඨාශයේ 24 හැවිරිදි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ(18) සවස 4.00 ට පමණ උට්සුනොමියා නගරයේ වෙළඳසැලක සාප්පු සවාරි යමින් සිටි කාන්තාවක් වෙත පිටුපසින් පැමිණි අදාල පොලිස් නිලධාරියා ඇයගේ යට ඇඳුම් සහ අනෙකුත් භාණ්ඩ වීඩියෝ ගත කළ බවට සැක කෙරේ.
තමාගේ ඡායාරූප ගන්නා බව දුටු කාන්තාව ඒ බව පොලිසියට දැන්වීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.