ශක්ති ප්‍රභවයන් සඳහා පිරිවැය අධික වීමත් සමඟ ජපානය උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. වසර 41 කට පසු ජපානය තුළ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල පසුගිය සති කිහිපය තුළ දී වාර්තා විය.
ඒ සමඟ බොහෝ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය අතර මෙසේ උද්ධමනය එක පෙළට ඉහළ ගිය පස්වන මාසය මෙය වේ. මෙසේ ඉන්ධන මිල ගණන් ඉහළ වීම හේතුවෙන් නැවුම් එළවළු සහ පළතුරුවල මිල ද 6.5% කින් පමණ ඉහළ ගොස් ඇත.
දුර ප්‍රවාහනය කිරීමට සහ හරිතාගාර තත්ත්ව අවැසි ආහාර ද්‍රව්‍ය සඳහා ශක්ති පරිභෝජනය අධික හෙයින් ඒවායේ මිල ගණන් ජනවාරි මාසය තුළදී අධික ලෙස ඉහළ ගොස් ඇත.