කමිමාෂිකි ප්‍රාන්තයේ කාන්තාවක් කිනිතුල්ලන් හරහා වර්ධනය වන බෝවන රෝගයක් වන ත්‍රොම්බොසයිටොපීනියා සින්ඩ්‍රෝමය වැළඳී මියගොස් තිබේ.
අදාළ කාන්තාව පසුගිය 06 වැනිදා අතේ තුවාලයක් දැක වෛද්‍ය ආයතනයකට ගොස් ඇති අතර 16 වැනිදා උණ වැළඳී ඇත. ඇයගේ තත්ත්වය ශීඝ්‍රයෙන් නරක අතට හැරුණු අතර ඊයේ(20) මියගොස් තිබේ.
මෙම කාන්තාව මෑතකදී ඇගේ ගෙවත්ත සුද්ද කර ඇති බව පසුව අනාවරණය වී තිබේ.