තම පෙම්වතියගේ 11 හැවිරිදි දියණියට ලිංගික අතවර කළ 50 හැවිරිදි පුද්ගලයෙකුට වසර 6ක සිර දඬුවමක් ෂිගා ප්රාන්තයේ ඔට්සු දිස්ත්රික් අධිකරණය විසින් නියම කර ඇත.
අධිකරණ තීන්දුවට අනුව 2020 ජුනි මාසයේදී ඕසකා නගරයේ හිරානෝ වෝඩ් හි පිහිටි ඔවුන්ගේ මහල් නිවාසයේදී එම දැරියට ලිංගික අතවර කිරීමට කෙන්ටාරෝ මිනාමිනෝ නම් සැකකරු ඔහුගේ පෙම්වතිය සමඟ එක්ව කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර පැවති නඩු විභාගයකදී දැරියගේ මවට වසර 3 1/2 ක සිරදඬුවමක් නියම වූ අතර දැනට එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් සිටී.
මොවුන් දෙදෙනා දැරිය ලිංගික අපයෝජනයට ලක් කරන ආකාරය ජංගම දුරකථනයකින් රූගත කර ඇති බවද අධිකරණයට වාර්තා විය. එපමණක් නොව 2022 මාර්තු මාසයේදී දැරිය නැවත අපයෝජනයට ලක් කර ඇති අතර එයද රූගත කර ඇත.