ජපාන රජයේ ආරංචි මාර්ග පවසන පරිදි 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය වන විට ජපානය තුළ සේවයේ නියුතු විදේශීය පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය සැලකිය යුතු අගයකින් පහත බැස ඇත.එයට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කර ඇත්තේ වසර දෙකක් පුරාවට ලොව ආක්‍රමණය කර ඇති කොරෝනා වසංගතයයි.
සෞඛ්‍යය,කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයට අනුව ජපාන සමාගම්වල අඩු වැටුප් වලට පුහුණු ශ්‍රමිකයන් ලෙස ආසියානු සංවර්ධනය වෙමින් පවතින රටවලින් ගෙන්වා ගන්නා ශ්‍රමිකයන් ප්‍රමාණය ලක්ෂ තුන ඉක්මවා ඇත. කෙසේ වෙතත් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ අර්ධකාලීන රැකියාවල නියුතු වන විදේශිකයන් ප්‍රමාණය ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත.
මෙම හේතූන් මත ජපානය තුල විදේශීය ශ්‍රමිකයන් සඳහා ඇති ඉල්ලුම බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.