කෘතිම බුද්ධිය සහිත මහාමාර්ග දර්පන..


කෘතිම බුද්ධිය සහිතව LED තාක්ෂණය ද සමඟ නිපදවන ලද උත්තල දර්පණ..

.

කෘතිම බුද්ධිය සහිතව LED තාක්ෂණය ද සමඟ නිපදවන ලද පසු දර්ශන උත්තල දර්පණ වර්ගයක් මාර්ග මං සන්ධි වල අත්හදා බැලීමට, මධ්‍යම ජපානයේ ශිසුඕකා ප්‍රාන්තයේ ෆුජිඉඩා නගර පොලිසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මංසන්ධි වලදී දිගින් දිගටම සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීමේ අරමුණු සහිතව, මෙකී කෘතිම බුද්ධිය සහිත පසුපස පෙනෙන උත්තර දර්පන සවි කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ. ඇත්තද බැලීමක් ලෙස ප්‍රථම දර්පණය, නගරයේ ප්‍රාථමික විද්‍යාලයක් අසල සවි කරන ලද අතර, චාලක සංවේදී ඉලෙක්ට්‍රොනික සංවේදක ආධාරයෙන් ඈතින් එන වාහන හදුනාගෙන මෙම දර්පණ මගින් විශේෂ ආලෝකධාරා එම වාහන වෙත නිකුත් කරනු ලබයි. එමගින් අදාල වාහනය නතර කිරීමට හෝ වේගය අඩාල කිරීමට සංඥා නිකුත් කරනු ලැබේ. මංසන්ධි වලදී සිදුවන විශාල වාහන අනතුරු වලක්වා ගැනීමට මෙකී ක්‍රමය මහත් පිටුවහලක් වනු ඇති බව විශ්වාස කෙරේ.

Comments