තිදෙනෙකුට මරු කැඳවූ අනතුර


අධිවේගී මාර්ගයේ වාහන 3ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

.

අද (27) අලුයම 2.30ට පමණ Mie ප්‍රාන්තයේ Kameyama නගරයේ Heboji-cho හි Higashi-Meihan අධිවේගී මාර්ගයේ වාහන 3ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

ප්‍රාන්ත පොලිසියට අනුව Kameyama හන්දියට (JCT) දකුණෙන් පිහිටි ඇතුල්වීමේ මාර්ගයේදී වෑන් රථයක ගැටී නතර කළ මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථයක් පිටුපසින් පැමිණි විශාල ට්‍රක් රථයක ගැටී තිබේ.

විශාල ට්‍රක් රථයේ රියදුරු මියගොස් තිබේ.

වෑන් රථය පැදවූ වයස අවුරුදු 20 ක කාන්තාවක් සිහිසුන්ව සිටි අතර මධ්‍යම ප්‍රමාණයේ ට්‍රක් රථය පැදවූ 30 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇත.

අනතුරින් විශාල ට්‍රක් රථයේ පටවා තිබූ පෙට් බෝතල් ඇතුළු ද්‍රව්‍ය මාර්ගයේ විසිරී තිබූ අතර එය මඟහැර යාමට තැත් කළ කුඩා මෝටර් රථයක් පෙරළී ගොස් එහි පිටුපසින් පැමිණි මෝටර් රථයකද ගැටී තිබේ.  එහි සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය අතර පසුපස මෝටර් රථයේ තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

අනතුර හේතුවෙන් ඇතුල්වීමේ මාර්ගයේ Iseseki Interchange (IC) සහ Kameyama JCT අතර සහ පිටතට යන මාර්ගයේ Suzuka සහ Iseseki IC අතර ගමනාගමනය අත්හිටුවා ඇත.

55 Views

Comments