අධි සුඛෝපභෝගී රථ වාහන රැගත්, ජපාන භාණ්ඩ ප්රවාහන නෞකාවක් අත්ලාන්තික සාගරයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගෙන ඇති බව වාර්තා වේ.
ජර්මනිය නිෂ්පාදිත අධිසුඛෝපභෝගි කාර් විශාල ප්රමාණයක් යුරෝපයට ප්රවාහනය කරමින් තිබියදී, නෞකාවේ එන්ජින් පද්ධතිය තුල ඇතිවු දෝෂයකින් නැව ගිනි ගත් බව කාර්ය මණ්ඩල සේවකයෙකු පවසා තිබුණි. පෘතුගාල නාවික හමුදාව විසින් හෙලිකොප්ටර් යානාවකින්, නැවේ කාර්ය මණ්ඩලය මුදාගැනීමට කටයුතු කර ඇති අතර මේ වන විට ගිනි නිවීමේ කටයුතු ආරම්භ කර ඇති බවද පැවසේ. ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, වොක්ස්වෙගන් සමාගමේ නිෂ්පාදිත රථවාහන 4000 කට අධික ප්රමාණයක් මෙම නෞකාවේ තිබෙන බව වාර්තා වේ.