රුසියා යුක්රේන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට, ජපානය සිය උපරිමය මේ වනවිටත් යොදවා ඇති බව, පසුගියදා ජපාන විදේශ කටයුතු අමාත්‍ය Yoshimasa Hayashi පවසා සිටියේය.
"උතුරු අත්ලාන්තික සහයෝගිතා සංවිධානය" හෙවත් NATO හි ලේකම් ජෙනරාල් Jens Stoltenberg හමුවෙමින් පැවති සාකච්ඡාවක දී ජපාන විදේශ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්ත, රුසියාවේ ක්‍රියාකාරකම් පිළිබඳව ජපානය නිරන්තරව සූක්ෂම අවධානයෙන් පසු වන බවත්, ආක්‍රමණයකට නොයන ලෙස මිත්රශීලීව රුසියාවෙන් මේ වන විටත් ජපානය ඉල්ලා ඇති බවත් ය. කාර්මික රටවල් වල නායකයින් එක්රැස් වන G7 සමුළුව පසුගියදා ජර්මනියේ මියුනිච් අග නගරයේ දී පැවති අතර, කලාපීය ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධව එහිදී ප්රමුඛ ව සාකච්ඡා කර තිබුණි. විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වා තිබුනේ, යුක්රේනයට පක්ෂපාතව ජපානය NATO සමග ඕනෑම ක්‍රියාමාර්ගයකට එකඟ වන බවත්, යුධමය ක්‍රියාමාර්ගයකට නොයා හැකිතාක් සාකච්ඡා මට්ටමින් මෙම ගැටළුව නිරාකරණය කරගැනීම වඩාත්ම හොද පියවර බව ජපානය තරයේ විශ්වාස කරන බවත්ය.