පාසලේ ඉතිරි වූ ආහාර අනුභව කළ මුළුතැන්ගෙයි සේවිකාවකට එරෙහිව විනය පියවර


ඇයගේ වැටුප 1/10කින් අඩු කර තිබේ.

.

එහිමි ප්‍රාන්තයේ Niihama නගරයේ ළදරු පාසලක මුළුතැන්ගෙහි සේවය කළ 60 හැවිරිදි කාන්තාවක් අනවසරයෙන් පාසල් දිවා ආහාරයෙන් ඉතිරි වූ බත් අනුභව කිරීම නිසා ඇයට එරෙහිව විනය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඇයගේ වැටුප 1/10කින් අඩු කර තිබේ.

දිවා ආහාරයෙන් ඉතුරුවන ආහාර ඉවත දැමිය යුතු බවට නීතියක් ඇති නමුත් ඇය 2021 දෙසැම්බර් සිට 2022 දෙසැම්බර් දක්වා පාසල් දිවා ආහාරයෙන් ඉතිරි වූ බත් අනුභව කර තිබේ.

 

 

Comments