කනගාවා ප්රාන්ත පොලිසියේ යොකොසුකා ස්ථානය විසින් යොකොසුකා නගරයේ 48 හැවිරිදි කාන්තාවක් පොලිසියේ රාජකාරි ඉටු කිරීමට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ(12) පෙරවරු 10:50 ට පමණ මිහාරු-චෝ හි ජාතික මාර්ග අංක 16 හිදී ඇය විසින් පොලිස් මෝටර් රථයක ගැටී පලාගොස් තිබේ.
පොලිස් කාර්, පොලිස් යතුරුපැදි සහ හෙලිකොප්ටර් විනාඩි 20 ක් පමණ කිලෝමීටර් 6 ක් ඇය ලුහුබැඳ ගිය අතර කැරලි මර්දන පොලිසිය විසින් ඇයව නතර කළේය.
පොලිසිය දිගින් දිගටම තමන් ලුහුබැඳීම නිසා පැන ගිය බව කාන්තාව පසුව විමර්ශනවලදී පිළිගෙන ඇත.