කදෝමා ප්‍රදේශයේ පිහි ඇනුමක්


74 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

.

ඕසකා ප්‍රාන්තයේ කදෝමා ප්‍රදේශයේ පොලිසිය විසින් එක් අයෙකුට පිහියකින් ඇන ඝාතනය කර තවත් අයෙකුට පිහියකින් තුවාල කිරීම සම්බන්ධයෙන් සැකපිට 74 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව මෙම සිදුවීම ඊයේ(01) පෙරවරු 11:45 ට පමණ නාගරික මහල් ගොඩනැගිල්ලකදී සිදුවී ඇත.

අදාල සැකකරු යූජී සුගහාරා නම් අයෙක් වන අතර පොලීසිය පැවසුවේ සුගහරා චෝදනාව පිළිගෙන ඇති බව ය.  

එම ගොඩනැගිල්ලේම ජීවත් වූ වින්දිතයින් තමා දන්නා බවත් ඔවුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුකළ බවත් ඔහු පවසා ඇත.

 

102 Views

Comments