ජපානයේ ජනගහනය වැඩි කිරීමට නව කෙටුම්පත් යෝජනාවක්


ජපානයේ ජනගහනය වසර 15ක් තිස්සේ අඩුවෙමින් පවතී.

.

රටේ අඩුවෙමින් පවතින උපත් අනුපාතිකය පාලනය කිරීම භාරව සිටින ජපාන කැබිනට් අමාත්‍යවරයා විසින් දරුවන් සඳහා සහනාධාර වැඩි කිරීම, විවාහ වීමට සහ දරුවන් ලැබීමට දිරිගැන්වීම සඳහා තරුණ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ඇතුළු යෝජනා ඇතුළත් කෙටුම්පතක් එළිදක්වන ලදී.

මිලියන 125කට වැඩි ජපානයේ ජනගහනය වසර 15ක් තිස්සේ අඩුවෙමින් පවතින අතර 2060 වන විට මිලියන 86.7 දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. 

වයස අවුරුදු 18 ත් 34 ත් අතර ජපන් ජාතිකයින් බහුතරයක් පවසන්නේ ඔවුන් යම් අවස්ථාවක දී විවාහ වීමට බලාපොරොත්තු වන නමුත් දරුවන් දෙදෙනෙකුට වඩා අඩුවෙන් සෑදීමට සැලසුම් කරන බවයි.  

 

50 Views

Comments