ජපානය ඩිජිටල් යෙන් හඳුන්වාදීමට සැරසේ


ඒ පිලිබඳ ගවේෂණය කිරීමට විශේෂඥ මණ්ඩලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

.

ඩිජිටල් යෙන් නිකුත් කිරීමේ ශක්‍යතා සොයා බැලීම සඳහා ජපාන මුදල් අමාත්‍යාංශය ලබන මාසයේ විශේෂඥ මණ්ඩලයක් පිහිටුවීමට සැලසුම් කර ඇත.

මණ්ඩලයේ අදහස් සැලකිල්ලට ගෙන ඩිජිටල් යෙන් හඳුන්වාදීම සඳහා සූදානම් වීමට අමාත්‍යාංශය සැලසුම් කරයි.

මේ අතර යුරෝපීය මහ බැංකුව ඩිජිටල් යුරෝ නිකුත් කරන්නේද යන්න මෙම වසරේ තීරණය කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම ඉන්දියාව ද සිය මුදල් ඩිජිටල් ආකාරයෙන් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

48 Views

Comments