ටෝකියෝ ඇතුළු නගර 12ක අර්ධ හදිසි තත්වය මාර්තු 6 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට, ජපාන් අග්රාමාත්ය Fumio Kishida ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය 56%ක් ලෙස ලැබුණු බව වාර්තා වේ.
කෙසේ වෙතත්, කිශිඩා රජයේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධව ඇතැම් විරුද්ධ පාක්ශිකයින් විරුද්ධව මත පළ කර ඇති බව සහ අප්රසාදය පළ කර ඇති බවටද වාර්තා වේ. ජනවාරි මස දී පැවති ඡන්ද විමසීමේ දී, කොවිඩ් මර්ධන වැඩ පිළිවෙලට 59% ක සහයෝගයක් කැබිනට් මණ්ඩලයෙන් ලැබුන අතර, මෙවර එය 56%ක් ලෙස අඩුවීම කැපී පෙනිණ. කිශිඩා රජය විසින් බූස්ටර් එන්නතකරනය, දිනකට මිලියන 1ක් දක්වා ඉලක්කයක් වෙත යොමු කර තිබූ අතර, පසුගිය සිකුරාදා වනවිට සමස්ත ජපාන ජනගහනයෙන් 13% ක් තුන්වන එන්නත ලබා ගෙන තිබුණි.