බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිනද මේ වන විට covid ආසාදිත ව ඇති බව බ්‍රිතාන්‍ය රාජකීය ආරංචි මාර්ග පවසයි. ඇය සාමාන්‍යය රෝග ලක්ෂණ පෙන්වන බැවින් මේ වන විට විවේක ගන්වා ඇති බවත් ඉදිරි සතිය තුළ දී ඇය බරපතළ රාජකාරී වලින් මිදී සිටිනු ඇතැයි තවදුරටත් නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට 95 වන වියේ පසුවන ඇය කොරෝනා වෛරසයට අදාළ එන්නත් තුනම ලබාගෙන ඇත.බ්‍රිතාන්‍ය කිරුළ වැඩිම කාලයක් දරා සිටි ඇය පසුගිය පෙබරවාරි 6වැනිදා ඇයගේ සිහසුනේ හැත්තෑවන වසර පසු කරන ලදී.