දරුවන් ලැබුණු පසු පීතෘ නිවාඩු ලබාගැනීම දිරිමත් කිරීමට ජපානයෙන් වැඩපිළිවෙළක්


දරුවන් ලැබුණු පසු පියවරුන්ට සති හතරක කාලයක් නිවාඩු ලබාගත හැක.

.

රැකියා කරන කාන්තාවන්ට දරුවන් ලැබුණු විට ඔවුන්ට මාතෘ නිවාඩු ලබා දීම සාමාන්‍ය සිරිතකි.

සති හතරක කාලයක් ඒ ආකාරයෙන් නිවාඩු ගැනීමට ජපාන පියවරුන්ට හැකියාව තිබේ.

නමුන් එරට බොහෝ පියවරුන් මෙම නිවාඩු නොගන්නා බැව වාර්තා වේ.

මේ වනවිට පිතෘ නිවාඩු ගන්නා පියවරුන්ගේ ප්‍රතිශතය සියයට 14ක් බව සඳහන්ය.

රැකියාවල උසස්වීම් වැනි දේට නිවාඩු ගැනීමෙන් බලපෑමක් වනු ඇතැයි යන බිය වැනි කාරණා මෙයට බලපා ඇති බව අනාවරණය වේ. 

කෙසේවෙතත් මෙම ප්‍රතිශතය මීට වඩා ඉහළ දැමීමට ජපානයේ අගමැති ෆුමියෝ කිෂිදා වැඩපිළිවෙළක් දියත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

2025 වනවිට එය සියයට 50ක් දක්වාත්, 2030 වනවිට සියයට 85ක් දක්වාත් ඉහළ දැමීම ඔහුගේ වැඩපිළිවෙළේ අරමුණයි.

පීතෘ නිවාඩු ප්‍රවර්ධනය කිරීමට අමතරව තවත් පියවර කිහිපයක් ගැනීමට රජය සැලසුම් කරමින් සිටී. දරුවන් හදාවඩා ගැනීම සඳහා ලබා දෙන ආධාර ඉහළ දැමීමද තවත් එක් පියවරකි.

 

100 Views

Comments