කල් ඉකුත් වූ ආහාර විකුණූ Hama-Sushi සමාගමට වැඩ වරදී


නාඳුනන පුද්ගලයෙකු විසින් මේ පිලිබඳව අනාවරණය කර තිබේ.

.

Hama-Sushi සමාගමේ ෆුකුෂිමා ප්‍රාන්තයේ කොරියාමා හි පිහිටි Koriyama Tsutsumi ශාඛාව විසින් කල් ඉකුත් වූ ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බව වාර්තා වේ.

නාඳුනන පුද්ගලයෙකු විසින් මේ සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේදී මෙහි මව් සමාගම වන සෙන්ෂෝ හෝල්ඩිංග්ස් සමාගමට වාර්තා කිරීමෙන් පසුව සේවකයින් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව තත්ත්වය අනාවරණය විය.

කෙසේවෙතත් මේ පිලිබඳව අවංකවම කනගාටු වන අතර අවශ්‍ය ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බව හමා-සුෂි සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

53 Views

Comments