අතරමැදි ආයතන වලට තහනම් වූ විදේශීය අභ්‍යාසලාභීන් හඳුන්වා දීමේ කාර්යභාරය


අතරමැදි ආයතන සඳහා ජපානයේ විවිධ ක්ෂේත්‍ර වලට අභ්‍යාසලාභීන් හඳුන්වා දීම තහනම් කෙරේ

.

ජපන් සේවක සේවිකාවන් පිරිසක් එක්ව ඉදිකිරීම් ආයතනයක තමන් සමඟ සේවය කළ වියට්නාම ජාතිකයෙකු  දැඩි ලෙස ශාරීරික හිංසනයට ලක් කිරීම සහ එය වැළැක්වීමට ආයතනය අපොහොසත් වීම හේතුවෙන් සත්කාරක සමාගම් සඳහා මෙලෙස විදේශීය අභ්‍යාසලාභීන් හඳුන්වා දුන් අතරමැදි සංවිධානයක බලපත්‍රය ජපාන රජය විසින් අඟහරුවාදා අවලංගු කොට තිබේ. 

 

අධිකරණ හා කම්කරු අමාත්‍යාංශ විසින් නිකුත් කරන ලද මෙම පරිපාලන දඬුවම යටතේ බටහිර ජපානයේ Okayama ප්‍රාන්තයේ Okayama Sangyo Gijutsu Kyodo Kumiai සංවිධානයට  වසර පහක් යනතුරු සමාගම්වලට විදේශීය අභ්‍යාසලාභීන් හඳුන්වා දීම තහනම් කරන ලදී.

 

2019 වසරේ අගභාගයේදී ජපානයට පැමිණි 41 හැවිරිදි වියට්නාම ජාතික පුද්ගලයා, Six Create in ඉදිකිරීම් සමාගමට බැඳීමෙන් මසකට පසු ඔහුගේ සම සේවකයින් විසින් නැවත නැවතත් සිදු කරන ලද පහරදීම් හේතුවෙන්, කැඩුණු ඉල ඇටයක් ඇතුළු බරපතල තුවාල ලබා ඇති බව සදහන් වේ .  

 

"අධීක්ෂණ කණ්ඩායමේ අසාර්ථකත්වය හේතුවෙන් අතිශය දරුණු මානව හිමිකම් කඩවීම් සිදු වූ බව අපි පිළිගනිමු,  බරපතල ගැටළුවක් පද්ධතිය තුළම පවතින බව එමඟින් පෙන්නුම් කරයි" යනුවෙන් අධිකරණ අමාත්‍ය Yoshihisa Furukawa Tokyo හි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

159 Views

Comments