Tonga දූපත් අසල ගිනිකදු පුපුරා යාමක්


පැසිෆික් සාගරය ආශ්‍රිත ටොංගා දූපත් අසල මුහුද තුළ  ගිනි කන්ද පුපුරා යාමක් වාර්තා වී ඇත.මෙම බිහිසුණු පුපුරා යාම

.

පැසිෆික් සාගරය ආශ්‍රිත ටොංගා දූපත් අසල මුහුද තුළ  ගිනි කන්ද පුපුරා යාමක් වාර්තා වී ඇත.මෙම බිහිසුණු පුපුරා යාමත් සමග ඉතා විශාල මුහුදු රැලි වෙරළ දෙසට පැමිණ ඇති අතර අවට වාසීන් ඉතා ඉක්මනින් උස් බිම් කරා සංක්‍රමණය කර ඇත.

 

මෙම සිදුවීමත් සමග ඇති වුනු ගැටලුකාරී තත්වය හේතුවෙන් දූපත් සමඟ ඇති සන්නිවේදනය බිඳවැටී යාම නිසා සිදුවී ඇති ආපදාවන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම අපහසු වී ඇත.කෙසේ නමුත් සමාජ මාධ්‍ය ජාල වල පළමු පළමු වීඩියෝ පටයක් මගින් බිහිසුණු මුහුදු රළ මගින්  ගසාගෙන යන ගෙවල් සහ ගොඩනැගිලි පිළිබඳව පෙන්නුම් කර ඇත.

 

Tonga කාලගුණ සේවා පවසන ආකාරයට දූපත් සමූහයට සුනාමි අවදානමක් ඇතිවීමේ හැකියාවක් ඇති අතර නවසීලන්ත හමුදාවන් විසින් අවශ්‍යතාවයක් වුණොත් ඔවුන්ගේ සේවා සැපයීමට සූදානමින් සිටින බවද  නිවේදනය කර තිබේ.

Comments