ලිංගික චෝදනා ලැබූවන්ට  ඇතැම් රැකියා තහනම්


පසුගිය සදුදා දින රජයේ ආරංචි මාර්ග හරහා ලැබුණු තොරතුරක් අනුව ජපානය  තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ  ළමා සුරැකුම් ??

.

පසුගිය සදුදා දින රජයේ ආරංචි මාර්ග හරහා ලැබුණු තොරතුරක් අනුව ජපානය  තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ  ළමා සුරැකුම් රැකියා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට  එම රැකියා ලබා ගැනීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් ලිංගික චෝදනා වලට ලක් නොවූවන් බව යම් සහතිකයකින් ඔප්පු කළ යුතු නව නීතියක් පැනවීමට  ජපානය තීරණය කර ඇති බව පැවසේ.

 

මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය සමයේ  පාසල් දරුවන් සහ කුඩා දරුවන්  පාසල් තුළ ගුරුවරුන්ගෙන් සහ ලමා සුරකුම් මධ්‍යස්ථාන වලදී ඔවුන්ව රැකබලාගන්නා පුද්ගලයන්ගෙන් ලිංගික අපයෝජනයට ලක් වූ ආරංචි වැඩි වශයෙන් අසන්නට ලැබීමයි. මේ හේතුවෙන් දෙමව්පියන් විසින් රජයෙන් මේ සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැඩිව ඉල්ලීම් කර තිබේ.

 

අගමැති උපදෙස් දී ඇති පරිදි මෙම කටයුත්ත සඳහා වෙනම රජයේ ඒජන්සියක් ද ඇති කිරීමට  නියමිත බව ආරංචි මාර්ග පවසයි .

Comments