තායිවානය  ජපන් ආහාර ආනයනය තහනම ඉවත් කරයි


2011 වර්ෂයේ  fukushima  ප්‍රාන්තයේ සිදු වූ න්‍යෂ්ටික ව්‍යසනය හේතුවෙන් තායිවානය  fukushima ඇතුලු ප්‍රාන්ත  පහකින්  තායිවානය?

.

2011 වර්ෂයේ  fukushima  ප්‍රාන්තයේ සිදු වූ න්‍යෂ්ටික ව්‍යසනය හේතුවෙන් තායිවානය  fukushima ඇතුලු ප්‍රාන්ත  පහකින්  තායිවානයට ආනයනය කරන ඇතැම් ආහාර ද්‍රව්‍ය තහනම් කර තිබූ අතර පසුගියදා එම තහනම ඉවත් කර තිබේ.

 

  Fukushima , Ibaraki , Gunma, Tochigi සහ Chiba එම ප්‍රාන්ත 5 වන අතර  කෙසේ නමුත් තායිවානය හා ජපානය අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ  ජපානයේ සහයෝගය ආරක්ෂා කර ගැනීම වස්  එම ආහාර ද්‍රව්‍ය ආනයනය  ඒවායේ ඇති  අවදානම්  තත්ත්ව තවදුරටත් සලකා බලා තීරණයක් ගනු ඇතැයි තායිවාන ආහාර හා ඖෂධ අධිකාරිය නිවේදනය කර තිබේ.

 

කෙසේ නමුත්  අදාල ප්‍රාන්තවලින්  නිපදවෙන හතු වර්ග සහ මස් වර්ග  හැර අනෙකුත් බොහෝ ආහාර සඳහා වන තහනම ඉවත් කෙරුණු අතර එසේ ආනයනය කරන ආහාරද සත්‍ය වශයෙන්ම එම ප්‍රාන්ත පහෙන් බව නිසියාකාරව label ගත කර තිබිය යුතු අතර අදාල විකිරණ පරීක්ෂාව ද සමත් වී ඒ සඳහා අදාළ ලේඛන ලෙස ඉදිරිපත් කළ යුතුව ඇත.

Comments