ආහාර විෂවීමක් හේතුවෙන් පාසලක් වසා දැමේ


ළමුන් සහ ගුරුවරුන් 81 දෙනෙකු උදරාබාධ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් ගතකර තිබේ.

.

Tsukishima Daini ප්‍රාථමික පාසලේ ළමුන් සහ ගුරුවරුන් 81 දෙනෙකු උදරාබාධ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් ගතකර තිබේ.

මොවුන්ට යම් ආකාරයක ආසාදනයක් සිදුවී ඇති බව විශ්වාස කරන අතර මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය හේතුව විමර්ශනය කරයි.

මෙයට නිශ්චිත හේතුව නොදන්නා නමුත් පාසල් දිවා ආහාරය විෂ වීමට ඉඩකඩ පවතී.

පසුගිය 13 වනදා සිසුන් දුසිමකට වැඩි පිරිසක් සමාන රෝග ලක්ෂණ හේතුවෙන් පාසල් නොපැමිණි අතර අද (15) සිට පාසලේ ශ්‍රේණි කිහිපයක් වසා දමා ඇත.

166 Views

Comments