පසුගියදා ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ජපානයේ පෝරාව corona හයවන රැල්ලක් නිර්මාණය වීමත් සමඟ ටෝකියෝ ඇතුලු ප්‍රාන්ත තිහක පමණ අද හදිසි තත්ත්ව පනවමින් ජපානය තුල බොහෝ corona සීමා කිරීම් ඇති කරන ලදී .
එහෙත් පසුගිය සතිය තුළ ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය අඩු වීමත් සමඟ එම සීමා ලිහිල් කරමින් නැවත එන්නත් සහතිකය සහ corona negative ප්‍රතිඵල සහිත සහතික භාවිතා කරමින් ජපානය තුල සාමාන්‍ය පරිදි ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට සැලසුම් කරන බව රජයේ ආරංචි මාර්ග පවසා තිබේ.
මේ අතර ජපන් වැසියන්ට තුන් වන මාත්‍රාව ලෙස booster එන්නත ලබාදීම ද නොකඩවා සිදු වෙයි. ක්‍රමයෙන් ජපානය තුළට ගෙන්වා ගන්නා විදේශිකයන්ගේ ප්‍රමාණය වැඩි කිරීමට ද ජපන් රජය තීරණය කර ඇත .