අපේ කෑම ජපානයට


ශ්‍රී ලාංකික ආහාර  ජපන් ජාතිකයන්ට හුරු කරවීමේ අරමුණින් පානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන

.

ශ්‍රී ලාංකික ආහාර  ජපන් ජාතිකයන්ට හුරු කරවීමේ අරමුණින් පානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද  ආහාර පිසීමේ තරගයක්  පසුගියදා ටෝකියෝ හිදී පැවැත්විණි.

 

ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරගය  ජපන් ජාතිකයන් සහභාගී කරගනිමින්  පැවැත්වුණු අතර පසුගියදා එහි අවසන් පූර්ව වටය  ටෝකියෝ හි  වෘත්තීය  ඉහුම් පියුම් මැදිරියකදී පැවැත්විණි.

 

මෙම තරඟයේ මූලික වටය සදහා ජපන් ජාතිකයන් විසින් ඔවුන් ශ්‍රී ලාංකික ආහාරයක් පිළියෙල කරන වීඩියෝ පටයක් ඉදිරිපත් කළ යුතුව තිබූ අතර එසේ ලැබූ වීඩියෝ පට 140 කින් පමණ  45 ක් අවසන් පූර්ව වටයට තෝරාගනු ලැබ තිබේ. එසේ තෝරා ගන්නා සියලුම තරග කරුවන් අවසන් වටය දක්වාම ජාත්‍යන්තරව පිළිගත්  සූපවේදින් යොදාගනිමින් විනිශ්චය කෙරෙන අතර අවසන් මහා තරගය  ජපානයේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් හරහා විකාශය  කිරීමටද කටයුතු සූදානම් කර තිබේ 

Comments