Akita Shinkansen Komachi අංක 27 දුම්රියේ වලසෙකු ගැටේ


අනතුරෙන් මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට තුවාල සිදුවී නොමැත.

.

ඊයේ (16) සවස 4.57 ට පමණ Iwate ප්‍රාන්තයේ Shizukuishi නගරයේ JR Tazawako මාර්ගයේ Akabuchi සහ Tazawako දුම්රිය ස්ථාන අතර ධාවනය වූ Akita Shinkansen Komachi අංක 27 දුම්රියේ වලසෙකු ගැටී ඇත.

කෙසේනමුත් දුම්රිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අවට පරීක්ෂා කළ නමුත් ගැටුණු වලසා හමු නොවීය.

අනතුර හේතුවෙන් දුම්රිය විනාඩි 59ක් ප්‍රමාද වූ අතර මගීන් 140කට පමණ බලපෑම් එල්ල විය.  

මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට අනතුරෙන් තුවාල සිදුවී නොමැත.

76 Views

Comments