ලොව පුරා පරිගණක වලට හානි කරමින් පැතිර ගිය ඉතා භයානක කාණ්ඩයේ වෛරසයක් වන Emotet malware සම්බන්ධ සිද්ධීන් පසුගිය අවුරුද්දේ මිලියන 2.7ක් පමණ වාර්තා වී ඇත.
විද්‍යුත් තැපෑල හරහා පතුරුවා හරින ලද මෙම ඉතා ව්‍යසනකාරී පරිගණක වෛරසය මෑත කාලයේ දී ඉතාම වේගයෙන් ලොව පුරාම පැතිර යන ලදී. සයිබර් ආරක්ෂාව පිළිබඳව විද්වතුන් සැක කරන පරිදි මෙය පරිගණක හැකර් කරුවන් පිරිසක් විසින් පසුගිය වසරේ අග භාගයේ දී ලොව පුරා ප්‍රචාරය කර හැරීම සිදුකර ඇත.
ජපානයේ ප්‍රධාන පෙළේ පෙලේ ආයතන හා සමාගම් විස්සකට පමණ මෙම Emotet malware මගින් බලපෑම් වූ බව ජපාන ආරංචි මාර්ග සනාථ කර තිබේ.