මීට වසර විස්සකට පමණ පෙර බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණ සැත්කම්වලට ලක් වූ ආබාධිත පුද්ගලයින් තිදෙනකුට වන්දි ගෙවන ලෙස, ඔසාකා හි ශ්‍රේෂ්ඨාධිකරණය ජපාන මධ්‍යම රජයට නියෝග කර සිටියේය.
පසුගියදා පැවැති නඩු විභාගයකදී අනාවරණය වූයේ, දැනට 70-80 හැවිරිදි වයස්වල පසුවන ආබාධිත කාන්තාවක් හා පිරිමින් දෙදෙනෙකු මීට වසර විස්සකට පමණ පෙර බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණ සැත්කම් වලට භාජනය කර ඇති බවයි. එවකට ජපාන රජය විසින් මානසික ආබාධ සහ ශාරීරික ආබාධ වූවන් හට වන්ධ්‍යාකරණ සැත්කම් කර ගැනීම අනුමත කර තිබූ අතර ඇතැම් තැන් වල දී ඒවා බලහත්කාරයෙන් සිදුකරන ලද බව අතීත වාර්තා සඳහන් කරයි. මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිදුකරන ලද මෙවැනි ක්‍රියාකාරකම් සඳහා ජපාන රජයට වන්දි ගෙවීමට අධිකරණයක් විසින් නියෝග කල ප්‍රථම අවස්ථාව ද මෙය වන බව පැවසේ. මෙකී ආබාධිත පුද්ගලයින් තිදෙනාට ජපාන යෙන් මිලියන 27.5ක් වන්දි ලෙස ගෙවීමට ජපාන මධ්‍යම රජයට නියෝග ලැබී තිබුණි.