අතුරුදහන් වූ යුවළගේ අවසන් කැමැත්ත


සංචාරක බෝට්ටුව ගිලී මිය ගිය තරුණ යුවලගේ අවසන් කැමැත්තට අනුව ඥාතීන් කටයුතු සිදුකරයි

.

පසුගිය සතියේ Hokkaido මුහුදු තීරයේදී ගිලීගිය සංචාරක බෝට්ටුවේ ගමන් කළ මගීන් අතර විවාහ ගිවිස ගැනීමට සූදානම්ව සිටි තරුණ යුවළකගේ අවසන් කැමැත්ත ඉටුකර දීම වෙනුවෙන් අතුරුදන් වූ යුවළගේ නම් විවාහ ලියාපදිංචිය සඳහා භාරදීමට ඥාතීන් කටයුතු කර තිබේ.

 

Shiretoko අර්ධද්වීපයේ දර්ශන ලබා ගනිමින් 22 හැවිරිදි Tomoya Suzuki සිය පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කළ විස්මිත චාරිකාවක කොටසක් ලෙස අප්‍රේල් 23 වන දින පෙම්වතිය සමඟ Kazu I යාත්‍රාවට ගොඩ වි තිබේ. ගමන අතරතුරදී පෙම්වතියට විවාහ යෝජනාවක් කිරීමට ඔහු විසින් මුද්දක් පවා රැගෙනවිත් ඇති බව සඳහන් වේ. 

 

Kitami නගරයේ රජයේ කාර්යාලයට විවාහ ලියාපදිංචිය ඉදිරිපත් කළද එය පිළිගෙන නොමැත .  ඔහුගේ මාමා වන 38 හැවිරිදි Kensuke Suzuki පැවසුවේ "එය දුෂ්කර දෙයක්, නමුත් අවම වශයෙන් ඔවුන්ගේ කැමැත්ත යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන් එය කරාවි යැයි අපි බලාපොරොත්තු වන " බවයි

169 Views

Comments