"කාන්තාරයේ සුරදූතයන්" ලෙස හදුන්වන වැලි පූසන් පැටවුන් තුන් දෙනෙක්, ටොචිගි ප්‍රාන්තයේ Nasu Animal Kingdom නම් සත්වෝද්‍යානයේ දී උපත ලද පුවතක් වාර්තා වේ. ඉතා කුඩා සහ අලංකාර පෙනුමක් හිමි මොවුන් ජපාන වැසියන් අතර ඉතා ජනප්‍රිය සත්ව වර්ගයක් වන අතර, එම වර්ගයේ සතුන් මෙම සත්වෝද්‍යානය තුළ උපත ලද තුන්වන අවස්ථාව මෙය වේ.
දැනට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන ඔවුන් දෙදෙනා එළඹෙන මාර්තු මස සිට, මහජන ප්‍රදර්ශනයට තබන බව සත්වෝද්‍යාන පාලකයින් පවසා සිටියේය. ඔවුන්ගෙන් දෙදෙනෙක් පිරිමි සතුන් වන අතර එක් අයෙකු ගැහැණු සතකු වෙයි. ජමීල් සහ ශාරිෆ් මෙම පැටවුන්ගේ මව සහ පියා බව සත්වෝද්‍යානය වාර්තා කළේය.
ඡායාරූපය:mainichi