ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට දකුණු කොරියාව සහ ජපානය අතර එකඟතාවයක්


ඔවුන්ගේ පළමු ආරක්ෂක සංවාදය පෙරේදා (17) සෝල්හිදී පැවැත්විණි.

.

 ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා සමීපව සන්නිවේදනය කිරීමට ජපානයේ සහ දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ විදේශ කටයුතු සහ ආරක්ෂක නිලධාරීන් එකඟ වී ඇත.

දෙරට අතර වසර පහකට පසු ඔවුන්ගේ පළමු ආරක්ෂක සංවාදය පෙරේදා (17) සෝල්හිදී පැවැත්විණි.

මෙහිදී උතුරු කොරියාව නැවත නැවතත් බැලස්ටික් මිසයිල දියත් කිරීම්වලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සහ ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කළ බව ජපාන විදේශ අමාත්‍යාංශය පවසයි.

 

59 Views

Comments