චීනය කාලගුණ චන්ද්‍රිකාවක් දියත් කරයි


ජපානය සහ තායිවානය මේ පිළිබඳව සීරුවෙන් සිටී.

.

පසුගිය ඉරිදා උදෑසන කාලගුණ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුවක් සාර්ථකව කක්ෂගත කළ බව චීනය පවසයි.

ඒ අනුව ජපානය සහ තායිවානය යාත්‍රාවෙන් වැටීමට ඉඩ ඇති සුන්බුන් පිළිබඳව සීරුවෙන් සිටී.

වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් රොකට්ටුව උඩුගුවනට ගිය බව චීන බලධාරීහු පවසති.  ඔවුන් පවසන්නේ එය වර්ෂාපතන ප්‍රමාණය නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති කාලගුණ විද්‍යාත්මක චන්ද්‍රිකාවක් ප්‍රවාහනය කළ බවයි.

 

102 Views

Comments