ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහ ජර්මානු චාන්සලර් Olaf Scholaz, රුසියාවේ වර්තමාන ක්‍රියාකලාපය සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, රුසියාවේ ක්‍රියාකාරකම් පිළිගත නොහැකි බවත්, යුක්රේනයේ ස්වාධීනත්වයට සහ ප්රජාතන්ත්රවාදයට රුසියාව දිගින් දිගටම එල්ල කරන පීඩනය මහත් ව්‍යසනයකට මුලපුරන බවත්ය.
ජපාන විදේශ අමාත්‍යාංශය පවසා සිටියේ, දෙරටේ නායකයින් අතර පැවති දුරකථන සංවාදයේදී දෙරටම එකඟ වී ඇත්තේ, යුක්රේනය වත එල්ල කරන රුසියානු බලපෑම හමුවේ යුක්රේනය වෙනුවෙන් පෙනී සිටීමට ජපානය සහ ජර්මනිය එක්ව ක්‍රියා කල යුතු බවයි. ඒ අනුව, ඒකාබද්ධ බුද්ධි අංශ සහ අනෙකුත් තොරතුරු සේවා මේ වෙනුවෙන් යෙදවීමේ ඇති වැදගත්කමද නායකයන් විසින් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.