පසුගියදා ජපානයේ මැණික් සංගමය මගින් "මැණික් හා ඛනිජ" තේමාව යටතේ සමරු මුද්දර කට්ටලයක් නිකුත් කරන ලදී. ඉන් එක් මුද්දරයක් ලාංකීය නිල් මැණික වෙනුවෙන් නිකුත් කරන ලද අතර එහි පළමු සමරු සටහන මැණික් සංගමේ සභාපති අකිරා ඉටෝ මහතා , උප සභාපතිවරුන් වන නිලාම් අලවුදීන් හා නොබුයුකි හොරියුචි මහත්මිය විසින් ජනපතිතුමන්, අගමැතිතුමන් සහ ජපාන තානාපතිතුමන් වෙත ප්රදානය කරන ලදී.