ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටි නිශ්පාදක, Hayao Miyazaki විසින් සම්පාදිත රූප නව කතාවක් වූ, Shuna's Journey නම් ග්‍රන්ථය ඇමරිකාව තුල ප්‍රකාශයට පත් කරන ලදි. ඒ, එම ග්‍රන්ථය ජපානය තුල ප්‍රකාශ කිරීමෙන් හරියටම වසර 40කට පසුව වීම විශේෂත්වයකි.
වර්ශ 1983 දී ජපානයේ දී පළමු සංස්කරණය එළි දැක් වූ මෙම ග්‍රන්ථය, පසුව Hayao ගේ සුප්‍රසිද්ධ චිත්‍රපට දෙකක් වන, Princess Mononoke සහ Nausicaa of the Valley of the Wind සඳහා ද පාදක වී තිබිණි. Alex Dudok විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම ග්‍රන්ථය, ඇමරිකාවේ Macmillan imprint First Second සමාගම මගින් මුද්‍රණය කර ලබන නොවැම්බර් පළවෙනිදා සිට බෙදා හැරීමට නියමිත බව සැලවේ.