සොහොයුරියන් දෙදෙනාට පහරදුන් සොයුරා සොයා විමර්ශන


ඔවුන් තිදෙනාම 70 වැනි වියේ පසුවන්නන්ය.

.

ඊයේ (21) රාත්‍රී 7.50 ට පමණ තෝකියෝ හි හිනෝ නගරයේ පිහිටි නිවසකදී සහෝදරියන් දෙදෙනෙකුට ඔවුන්ගේ සොහොයුරා විසින් පහර දී ඇත.  

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනුව ඔවුන් තිදෙනාම 70 වැනි වියේ පසුවන්නන්ය. 

තුවාලකාරියන් දෙදෙනාම සිහියෙන් සිටි අතර ජීවිතයට තර්ජනයක් වන තුවාල නොමැති බව විශ්වාස කෙරේ.

අදාල සැකකරු ඔවුන්ට පහරදුන්නේ කඩුවකින් බවත් ඔහු ඉන් අනතුරුව පලා ගිය බවත් කාන්තාවන් දෙදෙනා පොලිසිය හමුවේ පවසා ඇත.

සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

40 Views

Comments