ජපානයදී TAX එක අඩු කරගමු. (2 වෙනි කොටස.)


අද කියල දෙන්න යන්නේ අපේ බදු අඩු කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන. මේකට කියන්නේ ふるさと納税 (Furusato Nozei) කියල. ජපානයේ ජිවත??

.

අද කියල දෙන්න යන්නේ අපේ බදු අඩු කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන. මේකට කියන්නේ ふるさと納税 (Furusato Nozei) කියල. ජපානයේ ජිවත් වෙන ආදායම් ලබන ඕනෑම කෙනෙකුට මේ ක්‍රමය යටතේ තමන්ගේ වාර්ෂික බදු වලින් කොටසක් අඩු කරගන්න පුළුවන්. 

 

උදාහරණයක් විදියට අපි හිතමු ඔයා  ආයතනයක සේවය කරමින් වැටුප් ලබන කෙනෙක් කියල. ඔයාට හැම මාසෙම ඔයාගේ පඩියෙන් කොටසක් බදු සඳහා කපාගෙන තමයි ඔයාට වැටුප ලැබෙන්නේ. මෙහෙම කපාගන්න මුදල් වසර අවසානයේදී නිවැරදිව ගණනය කරලා කොටස් දෙකක් ලෙස ජාතික ආදායම් බද්ද රජයටත්, Resident Tax (Prefectural tax Municipal tax) එක අදාළ ප්‍රදේශයේ මහ නගර සභාවටත්  ආයතනය විසින් ගෙවනවා. ඒ වගේම ඔයාගෙන් වැඩිපුර මුදල් අඩු කරගෙන තියනවා නම් ඒවා ටැක්ස් adjustment (年末調整) එක විදියට ඔයාට ලැබෙනවා. 

 

මම කලින් පොස්ට් එකක් දැම්මා කොහොමද වෙනත් රටක ඉන්න පවුලේ කෙනෙක්ට වියදමට මුදල් යවද්දී ටැක්ස් එක අඩු කරගන්නේ කියල. බැලුවේ නැත්තම් ඒකත් බලන්න. 

https://www.facebook.com/japantasy/posts/462269455535757

 

දැන් එහෙනම් බලමු ふるさと納税 (Furusato Nozei) කියන්නේ මොකද්ද කියල. මම උඩින් කිව්වනේ ඔයාගේ Resident Tax ගෙවන්නේ ඔයා ජීවත්වෙන ප්‍රදේශයේ මහ නගර සභාවට කියල. මේ ふるさと納税 (Furusato Nozei) එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ ටැක්ස් එකෙන් කොටසක් වෙන ප්‍රදේශයක මහ නගර සභාවකට ගෙවන්න. මෙහෙම ගෙව්වම  ඔයාට ස්තුතිය පල කරන්න ඒ මහ නගර සභාව ඔයාට තෑග්ගක් එවනවා. මේ තෑග්ගේ වටිනාකම ඔයා ගෙවන මුදලෙන් 30% ක උපරිමයක් දක්වා වෙනවා. මේ තෑගි වෙබ්සයිට් වල ලිස්ට් කරලා තියනවා, ඒ කියන්නේ ඔයාට තෝරගන්න පුළුවන් ඔයා ටැක්ස් එක විදියට යම් මුදල් ප්‍රමාණයක් ගෙව්වම ඔයාට තෑග්ග විදියට මොනවද අවශ්‍ය කියල. 

 

හරි, දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේකෙන් බදු අඩුවෙන්නේ කියල. ඒක වෙන්නේ මෙහෙමයි, ඔයා මේ විදියට මුදල් දුන්නට පස්සේ, අදාළ නගර සභාව විසින් ඔයාගේ තෑග්ගත් එක්ක රිසිට් එකක් එවනවා ඔයා මෙහෙම පරිත්‍යාගයක් කරා කියල. ඔයාට තියෙන්නේ ඒ රිසිට් එක ළඟ තියාගෙන ඉඳල වසර අවසානයේ ටැක්ස් return (確定申告) එකට අයදුම් කරන්න (ඊළඟ අවුරුද්දේ පෙබරවාරි 16 සිට මාර්තු 15 දක්වා). මෙහෙම අයදුම් කරාට පස්සේ ඔයා ගෙවන ලද මුදලෙන් යෙන් 2000ක් පරිපාලන ගාස්තුව විදියට අය කරගෙන ඉතුරු මුදල ඔයාගේ බදු වලින් අඩු කරනවා. මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඔයා ඔයාගේ පොකට් එකෙන් වියදම් කරලා තමයි මේ වැඩේ කරන්න ඕන. අවුරුද්ද අන්තිමට තමයි ඔයාගේ බදු මුදල් වලින් ඒවා නැවත ලැබෙන්නේ. ඒ වගේම මේ පරිපාලන ගාස්තුව ඔයාගේ මිලදී ගැනීම් හැම එකකටම අය වෙන්නේ නෑ. ඒ කියන්නේ එක වසරක් තුල ඔයාගෙන් අය කරන්නේ යෙන් 2000ක් විතරයි. සරලව කිව්වොත් ඔයා යෙන් 10,000 ගණනේ නගර තුනකින් මිලදී ගැනීම් කරා නම්, ඒ යෙන් 30,000ටම අය කරන්නේ යෙන් 2000ක් විතරයි.

 

අපි සරල උදාහරණයකින් මේක තේරුම් ගන්න බලමු.

 

අපි හිතමු ඔයා යමනෂි ප්‍රාන්තයේ 南アルプス (minami-alps) කියන නගර සභාවට යෙන් 10,000ක් ටැක්ස් විදියට ගෙවනවා කියල. තෑග්ග වශයනේ ඔයාට ඒ නගරයේ වගා කරන ෂයින් මස්කට් වර්ගයේ මිදී කිලෝ 1.2ක් එයාල එවනවා. අවුරුද්ද අවසානයේ ටැක්ස් return (確定申告) එකට ඔයා මේ රිසිට් එකත් එක්ක අයදුම් කරනවා, එතකොට මේ 10,000න් 2000ක් පරිපාලන ගාස්තුව විදියට අය කරගෙන ඉතුරු  8000 ඔයාගේ බදු වලින් අඩු කරනවා. දැන් ඔයාලට හිතෙයි යෙන් 2000කට මිදී කිලෝ 1.2ක් ගත්තා වගේ වැඩක් කියල. හැබැයි ෂයින් මස්කට් වර්ගයේ මිදී කිලෝ 1.2ක් යෙන් 2000කට ගන්න අමාරුයි. තවත් දෙයක්,  මම මේ උදාහරණයකට විතරයි මිදි ගත්තේ. මේ වැඩසටහනට කෑම ජාති, electronic බඩු, travel coupons වගේ ගොඩක් දේවල් ඇතුලත් වෙලා තියනවා. 

 

දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියල.

 

ඉස්සෙල්ලම ඔයාට ඔයාගේ බදු වලින් කොපමණ ප්‍රමාණයක් මේ ふるさと納税 (Furusato Nozei) සඳහා පාවිච්චි කරන්න පුලුවන්ද කියල බලන්න ඕන. එකට මෙන්න මේ වෙබ්සයිට් වලින් එකකට ගිහිල්ල ඔයාගේ ආදායම සහ පවුලේ විස්තර ඇතුලත් කරලා බලන්න.

https://event.rakuten.co.jp/furusato/mypage/deductions/

https://www.furusato-tax.jp/about/easy_simulation?header_guide

 

ඔයාට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය දැනගත්තට පස්සේ, මෙන්න මේ පහලින් තියන වෙබ්සයිට් වලින් තෝරලා බලල ඔයාට කැමති දෙයක් ගන්න පුළුවන් (මීට අමතරව තවත් ගොඩක් වෙබ්සයිට් තියනවා, මම දන්නා ප්‍රධාන ඒවා තමයි මේ). ඔයා දැනටමත් Rakuten බැංකුව, ක්‍රෙඩිට් කාඩ් එක එහෙම පාවිච්චි කරනවා නම් Rakuten වෙබ්සයිට් එක හරහා මිලදී ගැනීම් සිදු කරොත් ඔයා වැය කරන මුදලට පොයින්ට්ස් එහෙමත් ලැබෙනවා (කැම්පේන් තියන කාලෙට 33% වගේ උපරිම වෙනකන් පොයින්ට්ස් ගන්න පුළුවන්). තවත් දෙයක් කියන්න ඕන, ඔයාට හිතට අල්ලන දෙයක් තිබුනොත් සහ ඒක ඔයාට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියි නම් අමතර මුදල ඔයාට ගෙවල ඒක ගන්න ඔයාට පුළුවන්. හැබැයි මම නම් එහෙම කරන්න නිර්දේශ කරන්නේ නෑ.

 

Furusato choice (ふるさとチョイス) https://www.furusato-tax.jp/?header

Satofuru (さとふる) https://www.satofull.jp/

Rakuten furusato nozei (楽天ふるさと納税) https://event.rakuten.co.jp/furusato/

 

මම දැන් අවුරුදු දෙකක විතර ඉඳල මේ වැඩසටහන හරහා මස් වර්ග, හාල්, පලතුරු වගේ ඒවා ගන්නවා. කෙලින්ම අදාළ ප්‍රාන්තයේ ඉඳල එන නිසා පලතුරු එහෙම ඉතාමත් නැවුම් සහ රසවත්. 

#japantasy

278 Views

Comments