පාසල් දැරියකගේ බෑගයක් සොරකම් කළ අයෙක් සොයා පරීක්ෂණ


සැකකරු අළු පැහැ ඇඳුමක්, වෙස්මුහුණක් සහ අව් කණ්ණාඩි පැළඳ සිට ඇත.

.

ටොචිගි ප්‍රාන්තයේ ටකනේසාවා නගරයේ නේවාසික ප්‍රදේශයක 12 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් දැරියක් තනිවම ඇවිද යමින් සිටියදී පිටුපසින් පැමිණ මිනිසෙක් ඇගේ බෑගය සොරාගෙන පලාගොස් තිබේ.

ප්‍රාන්ත පොලිසියේ සකුරා පොලිස් ස්ථානය මෙම පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 30 ත් 40 ත් අතර වන අතර උස මීටර් 1.60 ත් 65 ත් අතර වේ.  ඔහු අධික බරින් යුක්ත වූ අතර අළු පැහැ ඇඳුමක්, වෙස්මුහුණක් සහ අව් කණ්ණාඩි පැළඳ සිට ඇත.

 

112 Views

Comments