අද දිනය තුළ දී ටෝකියෝ නගරයෙන් පමණක් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 8503ක් බව වාර්තා වේ. එය මීට සතියකට පමණ පෙර වාර්තා වූ අගය මෙන් දෙගුණයක් වීම විශේෂත්වයකි.
කනගාවා සහ චිබා නගර තත්ත්වය ද මේ හා සමානව දරුණු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට රෝගීන් 18522ක් කොවිඩ් හේතුවෙන් ජපානය තුළ මරණයට පත්වී තිබේ.