ජපානයේ කකුලෙන් අදින්නට එංගලන්තය දත කෑ හැටි...


මෑතකදී මාධ්‍ය විසින් හෙළිදරව් කරන ලද අතීත දේශපාලනික රහසක් මේ වන විට...

.

මෑතකදී මාධ්‍ය විසින් හෙළිදරව් කරන ලද අතීත දේශපාලනික රහසක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වල සංසරණය වෙමින් පවතී. එංගලන්ත මහ රැජිණගේ සැමියා වන, පිලිප් කුමරු මූලික කරගෙන එංගලන්ත විසින් සකස් කරන ලද උපාය මාර්ගික දේශපාලනික ක්‍රියාදාමයක් ගැන මේ හරහා හෙළි වී තිබේ.

වර්ශ 1986 දී, ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානා වල පුහුණුව සඳහා, ටෝකියෝවට දකුණෙන් පිහිටි මියාකේ දිවයිනේ සකස් කරන්නට සැලසුම් කළ ගුවන්යානා ධාවන පථය ඉදිකිරීම කඩාකප්පල් කරන්නට පිලිප් කුමාරයා හරහා එංගලන්තය ජපානයේ එවකට අගමැති Yasuhiro Nakusone වෙත ලිපියක් ඉදිරිපත් කර තිබුණි. එවකට ලෝක වනජීවි සංගමයේ සභාපති ධූරය දැරූ පිලිප් කුමරු, මීට හේතුව ලෙස දක්වා තිබුණේ මෙම ගුවන් පථය ඉදිකිරීම හරහා මියාකෝ දිවයිනේ ජෛව විවිධත්වයට හානි වන බවත්, එමගින් සත්ව ප්‍රජාවට බලපෑම් එල්ල වන බවත්ය. කෙසේ වෙතත් පිලිප් කුමාරයා ගේ මරණින් පසුව මෙකී ලියකියවිලි, මාධ්‍යයට ආවරණය වී තිබූ අතර, පසුව හෙළිවූයේ ඇමරිකාව සහ ජපානය අතර මිත්‍ර සම්බන්ධතා වැඩිදුර ගෙන යෑම වළක්වාලීම සඳහා එංගලන්තය විසින් මෙවන් සැලසුමක් සකස් කරන ලද බවයි.

Comments