ඇමෙරිකානු තානාපතිගේ චාරිකාව කල්යන ලකුණ...


ජපානයේ ඇමරිකානු නව තානාපති Rahm Emanuel, පසුගිය පෙබරවාරි 4 වනදා...

.

ජපානයේ ඇමරිකානු නව තානාපති Rahm Emanuel, පසුගිය පෙබරවාරි 4 වනදා සිය ප්‍රථම රාජකාරි හමුවීම ලෙස, ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida හමු වූ මොහොතේ දී ඉල්ලා සිටියේ, දෙවන ලෝක යුද සමයේදී ඇමරිකාවේ නියස්ටික බෝම්බ ප්‍රහාරයට ලක් ලක්වූ බටහිර ජපානයේ හිරෝෂිමා නගරය වෙත ගොස්, ප්‍රහාරයෙන් මියගිය සියලුම දෙනා වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට තමන්ට අවශ්‍ය බවයි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජපාන අග්‍රාමාත්‍යවරයා, ඉතා ඉක්මනින් එම චාරිකාව සූදානම් කරන බවට පොරොන්දු වී තිබුනු නමුත්, රුසියා යුක්රේන අර්බුද තත්වය නිසා එම චාරිකාව කල් දැමීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වේ. රුසියාවේ ක්‍රියාකලාපයට විරුද්ධව බටහිර රටවල් සමඟ ජපානය ද එක් වී සිටීම මත, මේ වන විට ජපානය විසින් රුසියාව වෙත සම්බාධක පැනවීම සම්බන්ධව සලකා බලමින් සිටින බවද වාර්තා වේ.

Comments