ජීවන වියදම් පියවා ගැනීම සඳහා Kyoto කෝවිලෙන් සොරකම් කළ පිළිමය


Kyoto කෝවිලෙන් පිලිමයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වෙයි

.

Kyoto නගරයේ Kamigyo Ward හි පිහිටා තිබෙන බුද්ධාගමේ Nichiren Shoshu ශාඛාවේ ප්‍රධාන විහාරස්ථානය වන Ryuhonji හි තැන්පත් කර තිබූ "Gattenji" ලෙස හැඳින්වේන බුද්ධ ප්‍රතිමාව සොරකම් කළ බවට සැකපිට 51 හැවිරිදි Naohiro Okazaki නම් රැකියා විරහිත පුද්ගලයෙකු අඟහරුවාදා දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

පන්සලේ හිටපු සාමාජිකයෙකු වන ඔහු විසින් 2021 ජුනි මාසයේදී මෙම බුද්ධ ප්‍රතිමාව සොරකම් කොට ඇති අතර “ජීවන වියදම් පියවා ගැනීමට ” මුදල් ලබාගැනීම සඳහා එය විකිණීමට සිදු වූ බවට ඔහු විසින් පොලිසියට පාපොච්චාරණය කර ඇත . 

 

මැයි 1 වැනි දින Yahoo! වෙබ් අඩවිය හරහා මෙම පිළිමය  වෙන්දේසි කර ඇති අතර එය සොරකම් කර ඇති බව වෙබ් අඩවියෙන් දැනගත් පසු නැවත පන්සලට ගෙන ගොස් ඇති බව සඳහන් වේ.

141 Views

Comments