භූමිකම්පාවකින් පසුව ගෑස් සැපයුම යථා තත්වයට පත්කරගමු.


ජපානය යනු සැමවිටම ස්වභාවික උවදුරු වලින් බැටකන රටකි. ඉතින් මේ ස්වාභාවික උවදුරු එක්කම ඉස්සරහට යන මේ රට මිනිසුන??

.

ජපානය යනු සැමවිටම ස්වභාවික උවදුරු වලින් බැටකන රටකි. ඉතින් මේ ස්වාභාවික උවදුරු එක්කම ඉස්සරහට යන මේ රට මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා තාක්ෂනය ඉතා ඉහලින් යොදාගන්නවා. මෙයින් එක උපාංගයක් තමයි Microcomputer එකක් මගින් පාලනය වන ගෑස් මීටරය.

 

ඔබගේ ගෑස් පාවිච්චිය ඉතා අසාමාන්‍ය අගයක් ගන්නවා නම් හෝ magnitude ඒකක 5කට වඩා වැඩි භූමිකම්පාවක් පැමිණියහොත් මෙම Microcomputer එක මගින් ගෑස් සැපයුම තාවකාලිකව නවත්වනු ලැබේ. මෙලෙස ගෑස් සැපයුම නතර වුවහොත් එය නැවත යථා තත්වයට පත්කිරීමට ඔබට සිදුවනු ඇත. 

 

ඉතින් මෙලස ගෑස් සැපයුම නතර වූ විට පළමුවෙන්ම ඔබ කල යුත්තේ ඔබගේ ගෑස් උපාංග සියල්ල වසා දමා නිවසේ ස්ථාන කිහිපයකට ගොස් ගෑස් සුවඳ එන්නේද යන්න බැලීමයි, එලෙස ගෑස් සුවඳක් දැනෙන්නේ නම් වහාම අදාළ ගෑස් සැපයුම් සමාගමට වාර්තා කල යුතු අතර නිවසේ ජනෙල් දොරවල් විවෘත කිරීමට වගබලාගත යුතුය. තවත් වැදගත් කරුණක් නම් භූමිකම්පාවකට පසුව තවත් පසු කම්පන ඇතිවිය හැකි බැවින් ගෑස් සැපයුම යථා තත්වයට පත් කිරීමට පෙර ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. 

 

මෙලස ගෑස් කාන්දුවක් ඇත්තේද යන වග පරික්ෂා කොට එසේ නොවන්නේ නම් පහත සඳහන් ආකාරයට ගෑස් සැපයුම යථා තත්වයට පත්කරගත හැක.

 

1. ගෑස් මීටරයේ ඉහල කොටසේ ඇති කළු පාට රබර් ආවරණය ඉවත් කරන්න 

2. Reset Button එක සෙමෙන් තද කරන්න 

3. මෙසේ Reset Button එක තද කිරීමෙන් පසුව ගෑස් මීටරයේ ඇති රතු පාට බල්බය නිවී නිවී දැල්වෙනු ඇත. 

4. බල්බය සම්පුර්ණයෙන්ම දැල්වී නතර වෙන තුරු විනාඩි දෙකක් පමණ රැඳී සිටින්න. 

5. මෙසේ Reset කිරීමෙන් පසු ඔබගේ ගෑස් සැපයුම යථා තත්වයට පත්වනු ඇත.

 

ඉහත ආකාරයට Reset කිරීමෙන් අනතුරුවත් ඔබගේ ගෑස් සැපයුම යථා තත්වයට පත් නොවන්නේ නම්, අදාළ ගෑස් සමාගාමට පැමිණිලි කරන්න. සමහර අවස්තාවන් වලදී, ඉතා විශාල භූමි කම්පාවකින් පසුව සමාගම් මගින් ඔවුන්ගේ ගෑස් සැපයුම් නල පරීක්ෂාවන් සඳහා විශාල ප්‍රදේශ වලට සැපයුම තාවකාලිකව නවත්වනු ලැබේ.

#Japantasy

Comments