ජපානයේ වාර්තා වූ පලමු ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආශ්‍රිත මරණය ඊයේ දිනයේ දී වාර්තා වූ බව මෙරට සෞඛ්‍ය අංශය අනාවරණය කර තිබේ. සෞඛ්‍ය අංශ තවදුරටත් සනාථ කරන පරිදි පසුගිය බ්‍රහස්පතින්දා දින වන විට ජපානය තුළ හඳුනා ගත් omicron රෝගීන්ගේ සංඛ්‍යාව 3699 ක් විය.
කෙසේවෙතත් මෙම රෝගියාගේ මරණය සිදුව තිබුණේ පසුගිය අඟහරුවාදා දින Shizuoka නාගරික ප්‍රදේශයේ රෝහලක් තුළ වන අතර පශ්චාත් මරණ පරීක්ෂණවලදී ඔහු ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබිණි.සෞඛ්‍යය අංශ වලට අනුව මෙම පුද්ගලයා යම් සංකූලතා සහිත වැඩිහිටි අයකු බව හඳුනාගෙන තිබේ.පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ covid එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයවලුන් හට පවා ඔමික්‍රොන් ආසාදනය වී ඇති බවයි.